/ May 31, 2025

දිස්ත්‍රික්ක හයකට අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව, පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත විමසිලිමත් බවින් සිටින ලෙසට අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක,
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය,
කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය,
මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරලය,
කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට සහ වරකාපොල,
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල සහ කුරුවිට

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පෙරවරු 10.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා ක්‍රියාත්මක බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top