හදිසි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූම් සාකච්ඡා හයක් පවත්වා ඇති අතර එම සාකච්ඡා ඇතුළු ඒ සම්බන්ධයෙන් පැවැත් වූ සියලුම සාකච්ඡාවල තොරතුරු තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටි බව සමගි ජන බලවේගයේ, සමගි දූෂණ විරෝධී කමිටුවේ සභාපති නිරෝෂන් පාදුක්ක ප්‍රකාශ කරයි.
ඒ අනුව පසුගිය නොවැම්බර් මස 11වැනිදා දින සිට නොවැම්බර් මස 26 වැනි දා දක්වා හදිසි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැත් වූ සියලුම සාකච්ඡාවල තොරතුරුලබා ගැනීමට ඔවුන් අපේක්ෂා කරයි.
සමඟි ජන බලවේගය විසින් අද (12) පෙරවරුවේ එම ඉල්ලීම ලිඛිතව සිදුකර ඇත.
මෙම කාරණයට අදාළව සෙසු ආයතනවලින්ද ඉදිරියේදී තොරතුරු ලබා ගැනීමය නියමිත බවද නිරෝෂන් පාදුක්ක මහතා සඳහන් කරයි.





