/ Dec 29, 2025

අපි තමයි වැඩේ ගොඩදැම්මේ – කොළඹ අයවැය පරාජය ගැන මහාචාර්ය ජයසුමන කියයි

කොළඹ මහ නගර සභාවේ අයවැය ජන්දයේදී තීරණාත්මක ජන්ද දෙක බවට පත්වූයේ සර්ව ජන බලයේ මන්ත්‍රී දෙපළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අවසන් මොහොත වන විට අයවැයට පක්ෂව සහ විපක්ෂව සම තත්ත්වයක් පැවති අතර ඒ අනුව සර්ව ජන බලයේ ජන්ද දෙක අයවැයට විරුද්ධව ලබාදිය යුතු බවට තීරණය කළ බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ අනුව කොළඹ මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මංගල අයවැය පරාජය කිරීමට හැකිවූ බව ඔහු තවදුරටත් කියා සිටියි.

”මේකෙන් පේන කාරණය තමයි රහස් ජන්ද තියල වංචනික ලෙස ඒවගේම අක්‍රමික ලෙස පිහිටුවන ලද සියලු සභාවන් වල තත්ත්වය මෙයින් මැනවින් පෙනී යනවා. අද එකින් එක අයවැය පරාජය වෙන්නේ අක්‍රමික ලෙස වංචනික ලෙස රහස් ජන්ද තියල මාලිමාව ලබාගත්ත සභා. කොමසරිස්තුමියල ඇවිල්ලා රහස් ජන්ද ලබාදීලා සභා පිහිටෙව්වට කොමසරිස්තුමියලට බැහැ සභා දිගටම පවත්වාගෙන යන්න. ඒක තමයි මේකෙන් පේන කාරණය. මාලිමා රජය දිගින් දිගටම ජනතා විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් ජනතාව පීඩාවට ලක් කරනවා නම් අද කොළඹ මහ නගර සභාවට වුණ දේ තමයි වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා මේ රජයටත් වෙන්නේ කියන කාරණය කියල අපි සිහිපත් කරන්න කැමතියි.” යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top