/ Dec 06, 2025

තවදුරටත් අපියි සජබෙයි වෙන් වෙලා මේ ගමන යන්න බැහැ – දකුණේ බලවේගය හදන්න එකතු වෙන්න

දකුණේ කඳවුර ශක්තිමත් කිරීමට නම් එක්සත් ජාතක පක්ෂය හා සමඟි ජන බලවේගය එකතු වීම අනිවාර්ය බව එජාප නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු පැවසුවේය.

ඊයේ දින පැවති විපක්ෂයේ රැළියේ සාර්ථකත්වය පිළිබඳ අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

තවදුරටත් බෙදී වෙන්වී මේ ගමන සාර්ථක කරගත නොහැකි අතර දකුණේ කඳවුර විසින්ද සාර්ථක වේදිකාවක් ගොඩනගා ගත යුතු බවයි හිටපු මන්ත්‍රීවරයා කියාසිටියේ.

”අපේ ලොකුම වුවමනාව තමයි සමඟි ජන බලවේගය සහ අපි අතර වැඩපිළිවෙලක් ආරම්භ කිරීම. ඊයේ දවසින් පාඩමක් ඉගෙන ගන්න පුළුවන නම් එක පාඩමයි එකතු නොවී බෙදී වෙන්වෙලා ගියොත් මේ ගමන යන්න වෙන එකක් නෑ. දකුණේ කඳවුරක් හැටියට එක්සත් ජාතික පක්ෂයයි සමඟි ජන බලවේගයයි එකතු වීම අනිවාර්යයි. දැන්වත් මේක අපි කළේ නැත්නම් ප්‍රමාද වුණොත් ඒ දකුණේ කඳවුරත් පොඩ්ඩ පොඩ්ඩ වෙනත් ස්ථානවලට යනවා. මොකද අභියෝගයට අභියෝග කරන මිනිස්සු එක්ක එකතු වෙන්න මිනිස්සු පක්ෂ භේද බලන්නේ නෑ. ඒ නිසා දැන්වත් මේ පක්ෂ දෙක වහාම එකතු වෙලා දකුණේ කඳවුරක් හැටියට නායකත්වයක් දීලා මෙවැනිම වේදිකාවක් තනන්න ඕනේ කියන එක තමයි මගේ මතය” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top