හෘද සාක්ෂියට අනුව මාධ්‍ය භාවිතාව සිදුකරන ලෙසත් අසත්‍ය ජනතාව වෙත ගෙන නොයන ලෙසත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පැවසීය.
පසුගිය සමයේ මාධ්‍ය මර්දනය කළ, මාධ්‍ය ආයතන වලට ගිනි තියපු අය දැන් ඇවිත් මාධ්‍ය නිදහස ගැන කතා කරන අතර එවැන්නන්ට ඊට අයිතියක් නැති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
”පහුගිය කාලේ මාධ්‍ය මර්දනය කලේ කවුද? මාධ්‍ය ආයතනවලට ගිනි තිබ්බේ කවුද? ඒ අය දැන් ඇවිත් මාධ්‍ය සම්බන්ධයෙන් කතා කරනවා. ඒකට කිසි අයිතියක් නැහැ. මාධ්‍යයට ප්රජාතන්ත්රවාදී අයිතිය දීලා තියෙනවා. මාධ්‍ය එක්ක ඉතා සුහදව අපි වැඩ කරනවා. අපි කවදාවත් මාධ්‍ය මර්දනය කරන්නේ නෑ. අපිට පක්ෂපාතීව ලියන්න කියල, නිවුස් දාන්න කියල නෑ. දෙයක් ඉල්ලනවා මාධ්‍ය ආයතනවලින් ඇත්ත ලියන්න. ඇත්ත වර්තා කරන්න. හැමෝටම හෘද සාක්ෂියක් තියෙනවා. ඒ අනුව තමයි අපි ලියන්න ඕනේ. මිනිස්සුන්ට බොරුව ගෙනියන්න එපා.”
වත්මන් ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක් වන හෙයින් ජනතාව විසින් ආණ්ඩුව රකින බවත් දෙමළ, සිංහල, මුස්ලිම් සියලු ජනතාව ආණ්ඩුව සමඟ සිටින බවත් ඔහු තවදුරටත් ඔහු ප්‍රකාශ කළේය.





