/ Mar 06, 2026

අපි සුබම දේ බලාපොරොත්තු වෙනවා. නරකම දේටත් සූදානම් වෙනවා – ජනපති

මැද පෙරදිග තුළ පවතින යුදමය වාතාවරණය සමඟ ඇතිවිය හැකි ආර්ථික බලපෑම්වලට මුහුණ දීම සදහා රටේ ශක්‍යතාව සහ ජාත්‍යන්තර සහය සමඟ එය කළමනාකරණය කර ගැනීම් පිළිබඳ අවධානය යොමුකර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (05) රාත්‍රියේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය.

මැද පෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් මහ බැංකුව විසින් අදියර තුනක් යටතේ වාර්තාවක් ලබා දී තිබෙන බවත් එම නිර්දේශ මත තීන්දු තීරණ ගනිමින් සිටින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ අතර විදෙස්ගත ශ්‍රමිකයින් සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබෙන අතර යුදමය වාතාවරණය මත ඔවුන්ගේ සුරක්ෂිතබව පිළිබඳවද අවධානය යොමුකරන බවද ජනාධිපතිවරයා අවධාරණය කරන ලදී.

එමෙන්ම මෙරටට පැමිණ සිටින සංචාරකයින්ගේ පහසුව සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙන බවත් ඔවුන්ගේ මාතෘ භූමි වෙත නැවත රැගෙන යාමට නව ගමනාන්ත පිළිබඳ සැලකිලිමත් වෙමින් සිටින බවද ජනධිපතිවරයා පැහැදිලි කළේය.

මැද පෙරදිග යුදමය වාතාවරණය සම්බන්ධයන් සුබවාදී බලාපොරොත්තුවක් පවතිනවා සේම ඉතාම නරක තත්ත්වයකට වුවද මුහුණ දීම වෙනුවෙන් සූදානම් වෙමින් සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top