ඉතිහාසයේ මෙරටට ලබා දෙන විශාලතම ණය මුදල ලෝක බැංකුවෙන් මෙම වසරේදී ලබා දෙනු ඇති බව ජනපති අනුර කුමාර දිසානායක කුරුණෑගලදී පැවසුවේය.
ජන හමුවකට එක් වෙමින් අදහස් පළ කළ ජනපතිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් මේ වන විට ලෝක බැංකුව හා සාකච්ඡා කරමින් සිටින බවයි.
ණය මුදල ලබා දීමට දැනටම එකඟතාව පළ වී ඇති බවද ඔහු කියා සිටියේ ය.