කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (04) පස්වරුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එය ඉදිරි පැය 36ක කාලයක් සඳහා වලංගු වන අතර එම කාලගුණ අනාවැකිය අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් නිවේදනය කර ඇත.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.





