/ Mar 16, 2026

රජයේ සේවකයින්ට බදාදා නිවාඩු දිනයක් වෙයි! රජයේ සියලුම උත්සවත් නවතියි!

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (18) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම අනෙකුත් වැඩකරන සතියේ දින 4දී ද කොපමණ සේවකයින් ප්‍රමාණයක් සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍ය ද යන්න සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දී ඇති අතර සියලු රාජ්‍ය උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමටද තීරණය කර තිබේ.

රජයේ සේවකයින්ට අමතරව, සියලුම රජයේ පාසල්, විශ්ව විද්‍යාල සහ අධිකරණ සඳහා බදාදා දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

පෞද්ගලික ආයතන ද එය අනුගමනය කරන ලෙස රජය ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top