/ Dec 29, 2025

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය හරස් වෙයි!

සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු දෙවන වරටත් කල් දැමීමට සිදුව තිබේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයේ කටයුතු කළ සමගි ජන බලවේගයේ ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනය හේතුවෙන් එම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය පුරප්පාඩු වූ අතර නව සභාපතිවරයෙකු තෝරාපත් කරගැනීම පසුගිය නොවැම්බර් මස 28 වනදා දකුණු පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව තිබුණ ද ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් එම කටයුතු අද (26) දිනය දක්වා කල් දැමීය.

ඒ අනුව සභිකයින් 45 දෙනෙකුගෙන් සමන්විත වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු අද (26) පෙරවරු 10:00ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

එහෙත් අද (26) දිනයේ සභිකයින් 22 දෙනෙකු පමණක් සභාවට පැමිණ තිබීම හේතුවෙන් ඝන පූර්ණය නොමැතිවීම නිසා සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු යළි කල් දැමීමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top