වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අද (27) පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් මේ වනවිට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බව අප වාර්තාකරු පැවසීය.
පැහැරගත් මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී ඇති බවද වාර්තා වේ.