ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලදී පරස්පර ප්‍රකාශ සිදුකරමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
විශේෂයෙන් ආපදා සහන සැලසීමේදී චක්‍රලේඛ නිකුත් කර තිබුණද තවමත් නිර්ණායක රාජ්‍ය නිලධාරීන් වෙත යොමුකර නැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
ඒ අනුව ඉතාම කඩිනමින් ආපදා හානි ගණනය කළ යුත්තේ කෙසේද යන්න නිලධාරීන් දැනුවත් කළ යුතු බවයි ඔහු පවසන්නේ.
” අද වෙනකන් ආණ්ඩුව එය කරන්න අපොහොසත් වෙලා තියෙනවා. ඒකෙන් නිලධාරීන් පහසුතාවකට පත්වෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී එකක් කියනවා. දිස්ත්‍රික් කමිටුවලට ඇවිල්ලා තව කාරණයක් කියනවා. ඒ මොනවා කිව්වත් ගණනය කරන්නා වූ ආකාරය පිළිබඳව ක්‍රමවේදය පිළිබඳව තාම නිලධාරීන්ව දැනුවත් කරලා නැහැ. ජනාධිපතිවරයා ඉතාම කඩිනමින් ලිඛිතව නිලධාරීන් දැනුවත් කරන්න ඕනේ.”
එමෙන්ම ප්‍රාදේශීය සංවර්ධන කමිටු කැඳවිය යුතු බවද රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියි.





