මහා මාර්ගවල සිඟමන් යදිමින් සිටි සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවිකළ බාල වයස්කාර දරුවන් 21 දෙනෙකු පොලිස්භාරයට ගෙන තිබේ.
සිඟමන් යදිමින් සහ භාණ්ඩ අලෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවෙසෙන බාල වයස්කාර දරුවන් භාරයට ගෙන නිසි භාරකාරත්වයකට පත්කිරීම සඳහා ක්‍රියාතමක කරන ලද විශේෂ මෙහෙයුමක් මගින් ඔවුන් පොලිස්භාරයට ගෙන තිබුණි.
කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගම්පහ, පානදුර, කැලණිය, මීගමුව, ගල්කිස්ස, කළුතර, තංගල්ල අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, හලාවත, රත්නපුර, ගාල්ල හා මාතර යන පොලිස් කොට්ඨාසවල ජනාකීර්ණ ප්‍රදේශවල හා මහජනතාව ගැවසෙන වෙළෙඳසැල් සාප්පු සංකීර්ණ, සංඥා පහන් ස්ථාපිත කර ඇති ස්ථාන ආවරණය වන පරිදි මෙම මෙහෙයුම දියත් කර ඇත.
එම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය, ළමා හා කාන්තා කාර්යංශ මූලස්ථානය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගිනි.
එහිදී සිඟමන් යදිමින් සහ භාණ්ඩ අලෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවෙසෙන ලද බාල වයස්කාර දරුවන් 21 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන් සුදුසු භාරකාරත්වයට පත්කිරීමට කටයුතු කළ බව පොලීසිය සඳහන් කළේය.