/ Apr 20, 2025

අමෙරිකා – චීන වෙළඳ ගැටුමෙන් රන් මිලට සිදු වූ දේ!

එක්සත් ජනපදය සහ චීනය අතර වෙළඳ යුද්ධය උග්‍රවීමත් සමඟ අද (11) දින ලෝක වෙළඳපොලේ රත්‍රං මිල ගණන් ඉහළ ගොස් තිබේ.

ඒ, අනුව රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3,200 සීමාව ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ.

එය මෙතෙක් වාර්තා වූ ඉහළම අගය බවයි විදෙස් වාර්තා පේනවා දෙන්නේ.

ආයෝජකයින් ආරක්ෂිත වත්කම් කරා යොමු වීමත් සමඟ මෙලෙස රත්‍රං මිල ගණන් ඉහළ අගයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කොළඹ රන් වෙළෙඳපොළ ප්‍රකාශයට පත්කළ රන් මිල අනුව කැරට් 22 රන් පවුමක් රුපියල් 235,500ක් ලෙස සටහන් වී ඇත.

එමෙන්ම කැරට් 24 රන් පවුමක් රුපියල් 256, 000ක් දක්වා ඉහළගොස් ඇතැයි සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top