ශ්‍රී ලංකාවේ ප්‍රකට සුපිරි වෙළෙඳසැල් ජාලයකට අයත් ශාඛා තුනකට රුපියල් ලක්ෂ දෙක බැගින් රුපියල් ලක්ෂ හයක දඩයක් නියම කිරීමට අධිකරණය තීන්දු කර තිබේ.
පාරිභෝගික අධිකාරිය සිදුකරන ලද වැටලීම්වලදී කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම හේතුවෙන්, කරන ලද නඩු පැවරීම් හේතුවෙනි. අදාළ වෙළෙඳසැලි ශාඛා වරද පිළිගෙන තිබුණි. කේක්, කජු ආශ්‍රිත නිෂ්පාදන, කසල දමන පොලිතීන් උර මෙලෙස කල් ඉකුත්ව තිබු භාණ්ඩ අතර තිබිණ.
පසුගිය 18 වැනි දා මෙලෙස දඩ නියම වී ඇති අතර වැටලීම් දිගින් දිගටම සිදු කරන බවත් තරාතිරම නොබලා කටයුතු කරන බවත් වාර්තා වේ.