/ Nov 13, 2025

විනිසුරුවරු ඇතුළු අධිකරණ නිලධාරීන් 20කට වෙලා තියෙන දේ!

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවයේ නිලධාරීන් විසි දෙනකු සිය රාජකාරීවලින් ඉවත් කර ඇතැයි වාර්තා වෙයි.

එලෙස ඉවත් කළ පිරිසට එක් මහාධිකරණ විනිසුරුවරයෙක්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් කිහිප දෙනෙක් ඇතුළත් බව සඳහන්.

විෂමාචාර චෝදනා ඔවුන්ට එල්ල වී තිබෙන අතර රාජකාරියෙන් ඉවත් කළ මහාධිකරණ විනිසුරුවරයා දැනට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඉදිරියේ පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටින බවද වාර්තා වෙයි.

රාජකාරිවලින් ඉවත් කළ මෙම 20 දෙනාගෙන් හත් දෙනකුගේ සේවය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවද සඳහන්.

සෙසු නිලධාරීන් වැඩ තහනම් කර ඇති හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ලක් කර ඇති බවයි කියවුණේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව මෙම පිරිස රාජකාරිවලින් ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ අධිකරණ සේවයේ නිලධාරීන් පිළිබඳව මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීමෙන් අනතුරුවය.

දූෂණ වැනි බරපතල චෝදනා එල්ල වූ අය සම්බන්ධයෙන් නිල වශයෙන් චෝදනා පත්‍ර භාර දී පරීක්ෂණ පවත්වා තිබෙන බවද සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top