/ Jan 07, 2026

හිටපු මැති ඇමතිවරු භාවිතා කළ බන්ගලාවලට වෙන දේ!

පූර්වගාමී අමාත්‍යවරුන් නිල නිවාස ලෙස භාවිත කරන ලද බංගලා නිවාස හා අදාළ පරිශ්‍රයන් මෙන්ම රජය සතු ඌන උපයෝජනයක් සහිත නිවාස හා පරිශ්‍ර ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් හඳුනා ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කිරීමට 2024-12-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

එම නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව මඟින් තානාපති කාර්යාල, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍යතාන්ත්‍රික භාවිතයන්, රජයේ හා රජයට අනුබද්ධිත ආයතන මෙන්ම High end Restaurant/Boutique Hotel සහ වඩාත් ඵලදායී ආයෝජන ව්‍යාපෘති සඳහා එකී බංගලා නිවාස උපයෝජනය කිරීම නිර්දේශ කර ඇත.

ඒ අනුව මූලිකව හඳුනාගනු ලැබ ඇති බංගලා නිවාස 24ක්, එම බංගලා නිවාස පිහිටා ඇති ස්ථාන අනුව සමාජීය වශයෙන් ගැටලුවක් නොවන ආකාරයට, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතිය (PPP) යටතේ ඵලදායී උපයෝජනයන් ක්‍රියාත්මක කිරීම පිණිස වසර 30ක කාලයක් සඳහා බදු පදනමින් ලබා දීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා යෝග්‍ය ආයෝජකයින් හඳුනාගැනීමට හැකි වන පරිදි උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

1 thought on “හිටපු මැති ඇමතිවරු භාවිතා කළ බන්ගලාවලට වෙන දේ!”

  1. කවදා හෝ ගෙවල්වල ජිවත්වි පුරුදු, ඇද පුටු මේස, පිගන් කෝප්ප
    පාවිච්ච්තරන , නිවසේදි අමුත්තන්ට, වශේෂයෙන්ම රාජ්‍ය තාන්ත්‍රිතකයින්ට
    සංග්‍රහ
    කරන මැති ඇමතිවරුන් පත්වියහැකි නිසා කුමකට දුන්නත් අවුරුදු තුනක් වැනි කෙටිකලකට
    දිම දුදුසුයි. ඒ වගේම
    ගොඩනැගිලිවල ව්‍යහාත්මක
    වෙනසිකම් කරක්න ඉඩ දෙන්න එපා. නැතිනමි නැවතත් ඇමතිවරුන්ට නිල නිවාස හදන්න කෝටි ගනනන් මහජන මුදල් වැයකරන්න වේනවා. අද පමනක් නොව
    හෙට ගැනත් බලන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top