/ Feb 06, 2026

අද නාමල් CID යද්දී ශිරන්ති FCID යයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

ශිරන්ති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ “සිරිලිය සවිය” වැඩසටහනේ ගිණුම් පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඇයව එලෙස කැඳවා ඇත.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත්තේ ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ සමග සම්බන්ධතා පවත්වා ඇත්දැයි ප්‍රශ්න කිරීම සඳහා බව සඳහන්.

ඔවුන් දෙදෙනාටම පසුගිය සතියේදී ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙන ලෙස අදාළ ආයතන විසින් දැනුම් දී තිබුණු නමුත් ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික හේතුවක් මතත් නාමල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක නිරතව සිටීම නිසාත් එම CIDය හා FCIDය වෙත පැමිණියේ නැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top