/ Apr 09, 2026

සහරාන්ට වැඩියෙන්ම කෝල් කළේ කවුද? සජිත් අසයි!

වසර 7ක් කල් පිරෙන පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් වන විවාදය අද (09) පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදහස් දක්වමින් ඉල්ලා සිටියේ මෙහි මහමොළකරුවන් හෙළි කරන ලෙසයි.

සහරාන් වෙත වැඩිම දුරකතන ඇමතුම් ලබා දුන් දුරකතනයේ අයි.පී අංකය එෆ්.බී.අයි ආයතනය විසින් හෙළිදරව් කරගෙන තිබු බවට තොරතුරු ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා මේ ගැන වැඩිදුර විමර්ශන සිදු කිරීම සමහර බුද්ධි ප්‍රධානීන් වළක්වා ඇති බවටත් තොරතුරු ඇතැයි කියා සිටියේ ය.

පාර්ලිමේන්තුවේදී ඉතිහාසය පුරාම තමන් මේ ගැන දැරූ අදහස වෙනස්ව නැති බවත් ඉදිරියේද මෙම සිදුවීම ගැන නිවැරදි විමර්ශනයක් කර මහමොළකරුවන් හෙළිදරව් කිරීම අපේක්ෂා කරන බවත් අවධාරණය කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top