/ Jun 15, 2025

අරගලයෙන් ලාබ ගත්තේ කවුද? නලින්ද එළියට දැමූ අලුත් ලැයිස්තුව මෙන්න!

Who profited from the struggle?

2022 අරගල සමයේ සිදුවූ කලබල නිසා මැයි 9 දා ගිනි තැබීම් නිසා නිවෙස්වලට වූ හානි සඳහන් කරමින් හිටපු ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් මහා භාණ්ඩාගාරයෙන් ලබා ගත් මුදල් සම්බන්ධ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් අනාවරණය කර තිබේ.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් හොරණදී පැවැති ජනහමුවකදී ඔහු මෙම තොරතුරු ජනතාවට කියා සිටියේ ය.

කෑගල්ල නගර සභාවේ සභාපති ජී.කේ. සමරසිංහ – රු. ලක්ෂ103.5

බලන්ගොඩ නගර සභාවේ සභාපති ඩබ්.ඒ.ඩබ්.පී. ගුණරත්න – රු. ලක්ෂ 104.5

කරන්දෙණිය ප්‍රා. සභා සභාපති ජී.ඒ මුණගොඩ – රු. ලක්ෂ 109.5

මිනුවන්ගොඩ නගරාධිපති එච්. කේ. ඩබ්ලිව්. ජයසේකර රුපියල් ලක්ෂ 122.56  

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ රුපියල් ලක්ෂ 131 

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. එල්. පත්මකුමාර රුපියල් ලක්ෂ 129. 2

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටි . නිමල් රුපියල් ලක්ෂ 139.9 

කැස්බෑව නාගරික මන්ත්‍රී පි. ඩි. ධර්මදාස රුපියල් ලක්ෂ 144.8 

අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්. පි. සෝමදාස රුපියල් ලක්ෂ 178 .7

ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති කේ කේ අබේරත්න රුපියල් ලක්ෂ 221.6 

බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතින්ම සුනිල් ප්‍රේමසිරි රුපියල් ලක්ෂ 233.5 මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ඩබ්ලිව්. එල්. විජේසේකර රුපියල් ලක්ෂ 267.5 හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති එම් ආර් කුමාර රුපියල් ලක්ෂ 352  

කැස්බෑව නගරාධිපති නැන්දනිය ලාලිනි කැලුම් රුපියල් ලක්ෂ 392 

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉඳුනිල් ජගත් කුමාර රුපියල් ලක්ෂ 450.6

දඹුල්ල නගර සභාවේ සභාපති හේමන්ත ජාලිය රුපියල් ලක්ෂ 627.9

කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා රුපියල් ලක්ෂ 698.7

මෙලෙස මේ පිරිස ලබාගෙන ඇති රජයේ මුදල් ප්‍රමාණය, රුපියල් කෝටි 62ක් බව කී ඇමැතිවරයා මෙයට අමතරව මේ සමහර දෙනෙක් ගිනිගත් නිවාස වෙනුවෙන් මෙම මුදලට අමතරව රක්ෂණ වන්දිද ලබාගත් බව කියා සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top