/ Nov 13, 2025

සීනි බිම වැටුණම කවුද කුඹින්ට ටෙලිග්‍රෑම් ගැහුවේ, සජබෙටත් ඒක තමයි වෙන්නෙ – පොහොට්ටු එදිරිමාන්න!

මහා ජන හඬ ලෙස විපක්ෂයේ පක්ෂ විසින් එකාබද්ධව සංවිධානය කරනු ලබන මහජන රැළියට සමඟි ජන බලවේගය පැමිණීම හෝ නොපැමිණීම ගැන තීන්දුවක් ගැනීමට ඔවුන්ට අයිතියක් ඇති නමුත් ඔවුන්ට ඊට සහය නොදැක්වීම ඔවුන්ටම දේශපාලන අවාසියක් සිදුකරගැනීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (29) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

අවශ්‍ය කෙනෙක් අවශ්‍ය තැන නොසිටීමෙන් අවාසිය සිදුවන්නේ අදාළ පාර්ශවයට බවයි හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

”සීනි බිම වැටුණහම කුඹින්ට ටෙලිග්‍රෑම් ගහන්න ඕනේ නෑනේ කුඹී එතනට එනවා. ඒ වගේ තමයි විපක්ෂය එකතු වෙලා කරන මේ වැඩේදී විපක්ෂයට වගකීමක් තියෙනවා සියලු පක්ෂ එකට එකතු වෙලා මේ මහජන හඬට සහය දෙන්න. ඒ වගේම රටක ප්‍රධාන විපක්ෂය කියන එක මනින්න එක මිනුම් දණ්ඩක් තමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන කීයක් තියෙනවද කියන එක. ඒ වගේම මහ පොළවේ ආණ්ඩුව සම්බන්ධයෙන් මහජන විරෝධයක් ඇති වෙච්ච වෙලාවක ඊට නයකට්ව්හය දීමේදී ලබාදෙන දායකත්වයත් ඒකත් ප්‍රධාන මිනුම් දණ්ඩක් බවට පත්වෙනවා. හැබැයි මහා ජන හඬ මහජන රැළියට සජබෙ එනවා නම් එන එක නොඑනවා නම් නොඑන එක සජබෙ තීන්දුවක්. ඒ සඳහා තීන්දුවක් ගන්න සජබෙට අයිතියක් තියෙනවා. ඒ අයිතියට අපි ගරු කරනවා. ආවේ නැත්න්ම සජබෙට දේශපාලනිකව ලොකු අවාසියක් වෙයි කියන තමයි අපිට පෙන්නේ. ඉන්නෝන කෙනෙක් ඉන්න ඕන තැනක හිටියේ නැත්නම් අවාසිය වෙන්නේ ඒ අදාළ පාර්ශවයට. තව කල් තියෙනවා. සමහර විට සජබෙ මේ වේදිකාවේ ඉන්නත් ඉඩ තියෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් අවධාරණය කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top