මැදගම පොලිස් වසමේ බලගස්ආර ප්‍රදේශයේ දී ඊයේ (14) සවස් කාලයේ දී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කර තිබේ.
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැමියා විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඇය මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
බලගස්ආර මාර්ගය ආසන්නයේ තුවාල ලැබූ කාන්තාවක් වැටී සිටින බවට මැදගම පොලිස් ස්ථානයට පණිවිඩයක් ලැබී තිබුණි.
ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් කාන්තාව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් කාන්තාව මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස මියගොස් ඇත්තේ, මකැන්දවින්න, මැදගම ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි කාන්තාවකි.
මෙම වෙඩි තැබීම මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් සිදුකර ඇති බව දැනට සිදුකරන ලද පොලිස් විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඝාතනයෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මැදගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.