/ Apr 10, 2026

ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයක් ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ – චීන තානාපති සහතික වෙයි

ශ්‍රී ලංකාව තුළ කිසිසේත්ම ඉන්ධන අර්බුදයක් ඇතිවීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෑංග් හොංග් පවසයි.

තානාපතිවරයා මේ බව සඳහන් කළේ, මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 350කට වියළි ආහාර බෙදාදීමේ අවස්ථාවට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

චීනය සෑම අවස්ථාවකදීම උදව් සහ සහයෝගය ලබාදී ඇති බවත් ඈත අතීතයේ සිටම දෙරට අතර පවතින මිතුදහම ඊට ප්‍රධාන හේතුව බවත් ඔහු කියා සිටියේය.

මේ වන විට මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලෝකයේ ඇතැම් රටවල් පීඩාවට ලක්ව ඇති බැවින් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා අවශ්‍ය සියලුම ආකාරයේ සහාය ලබාදීමට චීනය ඉදිරිපත් වන බවත් යම් හේතුවක් මත මෙරට තුළ ඉන්ධන අර්බුදයක් ඇති වන්නේ එම තත්ත්වය චීනයේ සයිනොපෙක් සමාගම හරහා කළමනාකරණය කිරීමට කටයුතු කරන බවත් තානාපතිවරයා පැවසීය.

මේ වනවිට මැදිපෙරදිග යුද්ධයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වන අතර එය අඛණ්ඩව පවතින්නේ නම් එය යහපත් ප්‍රවණතාවක් වනු ඇති අතර ඉදිරියේ සිදුවන සෑම සිදුවීමකටම මුහුණදීමට සහ ලංකාවට අවශ්‍ය සහය ලබාදීමටත් චීනය සූදානමින් සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top