හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය, වුල්වර්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් සිදු වූ නිල ආරාධනයක් අනුව සිදුවූවක් නොවන බවත් එය තනිකරම පෞද්ගලික සංචාරයක් බවත් අනාවරණය වී ඇතැයි වාර්තා වෙයි.
එම සංචාරය සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්න සහගත තත්ත්වයේදී පොදු දෙඅපල අවභාවිතය යන චෝදනාව යටතේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ඔඅත්ව රක්ෂිත බන්ධනාගාරගතව මේ වන විට ඇප මත නිදහස්ව සිටියි.
ඒ අනුව එම කාරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් පසුගියදා බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් තිබුණි.
එම පිරිස, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සංචාරය කරන අවස්ථාව වන විට එහි සිටි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමකොමසාරිස් සහ නියෝජ්‍ය මහකොමසාරිස් ඇතුළු නිළධාරීන් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණු අතර ඔවුන්ගේ එම ප්‍රකාශ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය, වුල්වර්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් සිදු වූ නිල ආරාධනයක් අනුව සිදුවූවක් නොවන බවත්, එය තනිකරම පෞද්ගලික සංචාරයක් බවත් අනාවරණය වී ඇති බව සඳහන්.
කෙසේවෙතත් වික්‍රමසිංහ මහතාගේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ එම බ්‍රිතාන්‍ය සංචාරය නිල ආරාධනයක් අනුව සිදු කළ බවයි.





