/ Jan 24, 2026

ආණ්ඩුවේ අයවැයට මුහුණ දෙන්න විපක්ෂයට වැඩමුළුවක්!

හෙට (07) ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ජන බලවේගය ආණ්ඩුවේ දෙවෙනි අයවැය පිළිබඳව සහ අයවැයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට විපක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (06) විශේෂ වැඩමුළුවකට කැඳවා තිබේ.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ‍ අද පස්වරුවේ කොළඹ දී මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත එය ක්‍රියාත්මක කරන අතර විද්වතුන් කිහිපදෙනෙක් ද එහිදී මන්ත්‍රීවරු දැනුවත් කිරීමට නියමිත බව සඳහන්.

ඒ අනුව අයවැයට අදාළව පාර්ලිමේන්තු විවාදයට සම්බන්ධ වීමේදී වැදගත්වන කරුණු කෙරෙහි මෙහිදී සියලුම විපක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුවත් කිරීමක් ලබා දීමට කටයුතු සලස්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top