ජාත්‍යන්තර සාගර දිනය අදට (08) යෙදී තිබේ.
”අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු” යන්න මෙවර ජාත්‍යන්තර සාගර දිනයේ තේමාවයි.
1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදී ජගත් සාගර දිනයක් ප්‍රකාශයට පත් කිරීම ප්‍රථම වරට සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස, 2008 වසරේදී, ජුනි 08 වැනිදා ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණි.
මේ අතර ජාත්‍යන්තර සාගර දිනය වෙනුවෙන්, මෙරට සංවිධානය කරනු ලබන සැමරුම් උත්සවය කොළඹ වරාය නගරයේ දී අද දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.
ඒ, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.