/ Dec 30, 2025

ඔව් මට වැරදුණා.මෙහෙම දෙයක් වෙයි කියල හිතුවේ නෑ.භාණ්ඩාගාරයත් උතුරලා ගිහින් – SJB හර්ෂ

බලාපොරොත්තු නොවුණු ආකාරයට වාහන ආනයනය මඟින් රජයට විශාල බදු මුදලක් උපයා ගැනීමට හැකිව ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේ අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

”බලාපොරොත්තු නොවන ආකාරයට වාහන ආනයනය සිද්ධ වුණා. ඔව් ඔබලා අපට හිනා වුණා. ඔබලත් ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වුණෙත් නෑ මෙච්චර ප්‍රමාණයක් වාහන ලංකාවට ආනයනය කරයි කියල. අපි හිතුවේ නැහැ. අපට වැරදුණා. ඩොලර් මිලියන 1900ක ඒ කියන්නේ ඩොලර් බිලියන දෙකකට කිට්ටු වෙන්න LC ඇරලා තිබ්බා. ඩොලර් මිලියන 1400කට වඩා වාහන ගෙන්වලා තිබ්බා. ඉතින් කවුරුත් හිතපු නැති විදිහට රජයට බදු ආදායමක් ලැබුණා.”

මේ අතර වර්තමානය වන විට මහා භාණ්ඩාගාරයේ තත්ත්වය පිලිබඳව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අදහස් පළකළේය.

එහිදී ඔහු පැවසුවේ ඉතිහාසයේ පළමු වරට මහා භාණ්ඩාගාරය උතුරා ගොස් ඇති බවයි.

”IMF එක රකුසෙක් කියපු අය කිසිදවසක IMF එකෙන් රටක් ගොඩදාන්න බැහැ කියපු අය IMF එකේ වැඩපිළවෙල හරහා දැවැන්ත බදු ප්‍රමාණයක් ලබාගනිද්දී භාණ්ඩාගාරය උතුරලා ගිහින් තියෙනවා පළමු වතාවට අපි දන්නා ඉතිහාසයේ. හැමවෙලාවෙම OD එකක් තමයි ආණ්ඩුවට තිබුණේ. හැබැයි මේ පාර රුපියල් ට්‍රිලියනයක් තියෙනවා පීපල්ස් බෑන්ක් එකෙයි බෑන්ක් ඔෆ් සිලෝන් එකෙයි වැඩිපුර සල්ලි. එතකොට මේ සල්ලි කොහොමද අපි පරිපාලනය කරන්නේ කියන එක පිළිබඳව ආණ්ඩුවට මීට වඩා අවධානය යොමුකරන්න වෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top