/ Feb 05, 2025

යෝෂිත රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මේ වන විට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔහුව පසුගිය 24 වෙනිදා බෙලිඅත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් අතර ඔහුව අද (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණා.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් යෝෂිත රාජපක්ෂ මේ වන විට අධිකරණයට රැගෙන විත් තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ඇතුළු රජයේ නීතිඥවරු පිරිසක් පෙනී සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top