/ Feb 17, 2026

තල වපුරලා මුං නෙළන්න බැහැ. අකුරේගොඩ ඝාතනය ගැන පොහොට්ටුවේ නීතිඥ ලේකම්ගෙන් නීතිඥවරුන්ට කැපිල්ලක්!

අරගලය සමයේ අපරාධකරුවන් උත්කර්ෂයට නැගුවේද මේ රටේම නීතිඥවරු පිරිසක් වන අතර මේ වන විට ඔවුන් වැපිරූ දෙයෙහි අස්වැන්න නෙලාගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

සාගර කාරියවසම් මහතා මේ බව සඳහන් කළේ පසුගියදා අකුරේගොඩ දී වෙඩි තබා ඝාතනය කරන ලද නිතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ සිදුවීම සම්බන්ධයෙන් කරුණු දක්වමිනි.

තමන්ද නීතිඥවරයෙක් ලෙස කණගාටුවෙන් පවසන්නේ කිසියම් හෝ ආකාරයක අපරාධකරුවන් උත්කර්ෂයට නැගීම මොළේ ඇති නීතිඥයින් විසින් නොකළ යුතු බවයි.

නමුත් ඒ වරද ඓතිහාසිකව කරගෙන ඇති බවයි ඔහු කියාසිටියේ.

දැන් ඉතින් වැපිරූ තලවලට තල නෙළමින් සිටින අතර තල වපුරා මුං නෙළා ගත නොහැකි බවයි ඔහු පැවසුවේ.

මේ අතර මේ වන විට රට තුළ සිදුවෙමින් පවතින සංවිධානාත්මක අපරාධවලට ආණ්ඩුවේ සම්බන්ධයක් ඇත්ද යන්න පිළිබඳ මහජනතාවටද සැකයක් පවතින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top