/ Jan 23, 2026

නන්දනට බිංදුවයි!

කලක් රෝගාතුරව සිට අභාවප්‍රාප්ත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණි.

එහි දක්වා තිබුණේ නන්දන ගුණතිලකගේ වටිනාකම තමන්ට අනුව නම් බිංදුවක් බවයි.

ඔහු පක්ෂය ගොඩනැගීම වෙනුවෙන් කැපකිරීම් කළ පුද්ලයෙක් වුවද පක්ෂය විනාශ කිරීමට ඊට වඩා මැදිහත්වීමක් කළ පුද්ගලයෙක් බවයි ලාල්කාන්තා ඇමතිවරයා නන්දන ගුණතිලක සම්බන්ධයෙන් දක්වා ඇත්තේ.

නන්දන ගුණතිලක ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන දේශපාලනය කළ තැනැත්තෙක් වන අතර ඔහු ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ලෙසද ඉදිරිපත් වී තිබේ.

කෙසේවෙතත් පක්ෂයෙන් ඉවත් වූ පසු ඔහු පසුකාලීනව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව දේශපාලනය කළ අතර පානදුර නගර සභාවේ නගරාධිපතිවරයෙක් ලෙසද පත්විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top