09 වැනි චීන – දකුණු ආසියා ප්‍රදර්ශනය නිරිතදිග චීනයේ යුනාන් පළාතේ අගනුවර වන කුන්මිංහිදී ඊයේ (19) ආරම්භ වී තිබේ. එම ප්‍රදර්ශනය එළඹෙන 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීම යන්න මෙම ප්‍රදර්ශනයේ තේමාවයි. මෙම ප්‍රදර්ශනය චීනය හා දකුණු ආසියානු රටවල් අතර ආර්ථික හා වෙළද හුවමාරු ක්‍රියාකාරකමක් ලෙස සැලකේ.

ඒ අනුව මෙම වසරේ දී මෙම ප්‍රදර්ශනයේ තේමා රට බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි. මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැණික් සහ ස්වර්ණාභරණ, සිලෝන් ටී, බතික් නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු ආදී නිෂ්පාදන රැසක ව්‍යවසායකයින් 100 ක් පමණ මෙම ප්‍රදර්ශනයට සහභාගී වී සිටී.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රමුඛ නියෝජිතයින් රැසක් ද මේ අවස්ථාව වෙනුවෙන් එක්ව සිටී.
ඊයේ පැවති සමාරම්භක උත්සවයට එක්වෙමින් චීන ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති Wang Dongming මහතා සඳහන් කළේ, චීනයේ සංවර්ධනය දකුණු ආසියානු රටවල සංවර්ධනය සමඟ වඩාත් සමීපව ඒකාබද්ධ කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවය.
එමෙන්ම සාමය, සමෘද්ධිය, මිත්‍රත්වය යනාදිය පොදු දැක්ම ලෙස ගනිමින්, අසල්වැසි රටවල් සමඟ පොදු සංවර්ධන ප්‍රතිලාභ හිමි වන ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කොට වඩාත් පැහැබර අනාගතයක් නිර්මාණය කිරීමට චීනය සූදානමින් සිටින බව ද Wang Dongming මහතා එහිදී අවධාරණය කර තිබේ.

