/ Nov 13, 2025

කෝටි 10 කොල්ලය : අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා රිමාන්ඩ්!

රන් භාණ්ඩ වෙළඳසැල් දෙකකින් රුපියල් කෝටි 10කට අධික මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තුරු නොවැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, ඊයේ (30) පස්වරුවේ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ගොතටුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත සුරාබදු පරීක්ෂකවරයකු සහ කෝප්‍රල්වරුන් සිව්දෙනෙකි. ඔවුන් අවුරුදු 30ත් 46ත් අතර වයස්වල පසුවන කොස්ගම, හංවැල්ල, දංකොටුව, මිල්ලෑව හා මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

2025 ජුනි මස 5 වනදා මෙම සැකකරුවන් විසින් කොළඹ 11, හෙට්ටිවීදිය ප්‍රදේශයේ රන් භාණ්ඩ වෙළඳසැල් දෙකකට නීත්‍යානුකූල වැටලීමක් සිදුකරන ආකාරයෙන් පැමිණ එම වෙළඳසැල්වලින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් (102,000,000) සහ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඉන් සිව්දෙනෙකු සතුව නීතිවිරෝධී ලෙස ගෙන්වූ දුම්වැටි තිබූ බවට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

අනතුරුව සිය භාරයට ගත් මුදලින් රුපියල් කෝටි 5ක් නැවත ඔවුන්ට ලබා දී ඇති බවට ද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

ඒ අනුව ඔවුන්ව ඊයේ දහවල් අත් අඩංගුවට ගෙන තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top