අපනයන කෘෂිකර්ම බෝග පොකුරු ගම්මාන වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පොකුරු ගම්මාන 12ක් ආරම්භ කිරීමට යෝජනා වී තිබේ.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර පොකුරු ගම්මානයක් සඳහා වගා ආදර්ශන,කුළුබඩු උද්‍යාන ,කුළුබඩු සැකසීමේ මධ්‍යස්ථාන ,කුළුබඩු අලෙවි මධ්‍යස්ථාන ආදී අංශ කිහිපයක් යටතේ ක්‍රියාකාරකම් සිදු කිරීමට නියමිතයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාප්ති නිලධාරී කොට්ඨාස වන,නාගොඩ,බද්දෙගම ,නියාගම,බලපිටිය ,ඇත්කඳුර,ඇල්පිටිය ,නෙළුව,තවලම ,කරන්දෙණිය,හබරාදුව ,යක්කලමුල්ල සහ අක්මීමන මෙම පොකුරු ගම්මාන ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇත.





