/ Feb 13, 2026

ජනාධිපති කාර්යාලයේ සැප වාහන 26ක් අද වෙන්දේසියේ

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන 26ක් අද (15) දිනයේ දී වෙන්දේසි කිරිමට නියමිතව තිබේ.

වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කිරිමට නියමිත වාහන එලෙස වෙන්දේසිි කිරිමට නියමිතයි.

වසර දහයක් ඇතුළත නිෂ්පාදිත එම වාහන රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් වෙන්දේසි කිරිමට තීරණය කර තිබේ.

එලෙස අද දිනයේ දී වෙන්දේසි කිරීමට නියමිතව ඇත්තේ හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේ දී පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිත කළ වාහන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top