/ Jul 13, 2026

බැංකොක් රාත්‍රී සමාජ ශාලාවේ ඇති වූ ගින්නකින් 27ක් මරුට තවත් 63කට තුවාල!

තායිලන්තයේ බැංකොක් නගරයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 63 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව එරට බලධාරීන් පවසයි.

තායිලන්ත අගමැති අනුටින් චාන්විරකුල් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, මේ වන විට මළ සිරුරු 27ක් සොයාගෙන ඇති අතර තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. කෙසේවෙතත් ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ.

ගිනි නිවන භටයින් විනාඩි 30ක පමණ මෙහෙයුමකින් අනතුරුව ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත් වී ඇති අතර, ගොඩනැගිල්ල තුළ තවත් පුද්ගලයන් සිරවී සිටියේද යන්න සොයා අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂක ප්‍රමිතීන් සහ හදිසි පිටවීමේ මාර්ග ප්‍රමාණවත්ද යන්න පිළිබඳවද බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව දැක්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top