මේ වන විට රට පුරා වීදි සුනඛ ගහණය ලක්ෂ 20-30 දක්වා ඉහළ ගොස් ඇති බව සත්ත්ව සුබසාධක සංගමයේ විධායක සාමාජික ගිහාන් දිනුෂ්ක පවසයි. රට පුරා වසරකට සුනඛ සපාකෑම් දෙලක්ෂ පනස් දහසක් පමණ සිදුවන බවද එම සංගමය හෙළි කරයි.
ජලභීතිකා අවදානම, මාර්ග අනතුරු, සපාකෑම් නිසා ඇතිවන දරුණු තුවාල ආදිය වැඩි වෙන බැවින් මෙය මහත් ව්‍යසනයක් බවට පත්වෙමින් යන බවට ජනතාව පවසන තතු යටතේ මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී සත්ත්ව සුබසාධක සංගමයේ විධායක සමාජිකයා පැවසුවේ මෙවැනි අදහසකි.
“අපි අනුමාන කරනවා වීථි සුනඛයින් ලක්ෂ 20ක් 30ක් අතර ගණනක් ලංකාවේ ඉන්නවා කියලා. ඒ සම්බන්ධයෙන් නිෂ්චිත සංගණනයක් තාම වෙලා නෑ. අනුමාන කරනවා පුද්ගලයින් 8කට එක් සුනඛයෙක් ලෙස තමයි වන්ද්‍යාකරණ වැඩසටහන්වලදී අපේ පහසුවට අපි ගණනය කිරීම් කරලා තියෙන්නේ. නමුත් මිනිස්සු එළියේ ඉදලා දරණ මතයක් තමයි මේ සුනඛ අනාථාගර තමයි මේ සත්තුන්ට නිදහසේ ඉන්න පුළුවන් විසඳුම කියලා. මේ ගැන හොයලා බලන්නේ පසුගිය රජයන් කාලේ මහජන නියෝජිතයන් ගත්ත බුද්ධිමත් නොවන තීරණ තියෙනවා. වීථි සුනඛ ගහනය වැඩි වීමෙන් වෙන්නේ රිය අනතුරු වැඩි වෙනවා. බයික්, ත්‍රී රෝද රථ අනතුරු වැඩි වෙනවා. සුනඛ සපා කෑම් වැඩි වෙනවා. ජලභීතිකා රෝගය ව්‍යාප්ත වෙනවා. ඒ නිසා රජය මේ ගැන අවධානය යොමු කරන්න. නිවැරදි මග පෙන්වීමක් ගන්න. මේක පාලනය කරන්නේ කොහොමද කියලා අපි මගපෙන්වීමක් කරන්නන්. කරලා පෙන්වන්නම්. අපිට ඒකට අවස්ථාවක් හදලා දෙන්න.”





