/ Jun 09, 2026

තවත් හිටපු ඇමැති 3ක් ළඟදීම අත්අඩංගුවට!

ලියාපදිංචි නොකළ වාහන භාවිතා කළ හිටපු ඇමැතිවරුන් තිදෙනෙක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව ජනපතිවරයා පවසයි.

මේ වන විටත් ලියාපදිංචි නොකළ වාහන භාවිතා කළ හිටපු ඇමැතිවරුන් තිදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති බවත්, සියලු දෙනාට එකසේ නීතිය ඉටු වන රාජ්‍යයක් ගොඩන නගා ඇති බවත් ජනපතිවරයා බේරුවල පැවැති ජනහමුවකදී කියා සිටියේ ය.

ධනය තිබෙන අයට එක් නීතියක් සහ නැති අයට තවත් නීතියක් එදා පැවති බව කී ජනපති, ගම් වැසියෙකුට බලපත්‍ර රහිතව බයිසිකලයක් පාරට දැමිය නොහැකි වුවද හිටපු ඇමැතිවරු වාහන ගෙන ඒමට තහනම් කාලයේදී වාහන ගෙනා බව ජනපතිවරයා තවදුරටත් පැවසුවේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top