/ Jul 27, 2025

ටීචර් අම්මා තරුණයාට පාපහර දුන් හේතුව එළියට: ඇය සොයන්න පොලිස් කණ්ඩායම් 3ක්!

An investigation into Hayeshika's police protection!

පසුගිය කාලයේ නිතරම පුවත් මැවූ චරිතයක් වන ටීචර් අම්මා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හයේෂිකා ප්‍රනාන්දු නමැති ගුරුවරිය සොයා මේ වෙන විට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි වාර්තා වේ.

ඇයගේ ආයතනයේ සේවය කරන තරුණියකට පරිගණකය හසුරුවන ආකාරය ඉගැන්වීමට පැමිණි තරුණයෙකු ඇගෙන් පාපහර කා බරපතළ තුවාල ලැබ රෝහල්ගත කර තිබුණේ පසුගිය දිනකයි. එම තරුණයා හයේෂිකා නමැත්තිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිනුමේ පළක තිබූ සටහනක් නිසා ඇය මෙලෙස තරුණයාට පහරදී ඇතැයි හෙළිව තිබේ.

කෙසේ වෙතත් මෙම තරුණයා උක්ත ආයතනයේ තරුණියට අතවර කළ බවට පැමිණිල්ලක් කිරීමට හයේෂිකාගේ සැමියා සහ කළමනාකරු එක්ව කටාන පොලිසිය වෙත ගිය අවස්ථාවේ දී තරුණයාට කළ පහරදීම හෙළිව ඇත. ඒ අනුව පොලිසිය විසින් මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන හයේෂිකා නමැත්තිය අත්අඩංගුවට ගැනීමට නිවසට යන විට ඇය සිය දියණියද රැගෙන නිවසින් පළා ගොස් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top