/ Jun 06, 2026

විමල්ගේ හිටපු මාධ්‍ය ලේකම් අත්අඩංගුවට!

විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ බව කියන ප්‍රසාද් මංජු නමැති අය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන සහ ඉන්ධන ඇතුළු සෙසු සම්පත් නීති විරෝධී ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලැබී තිබූ පැමිණිල්ලකි.

මෙම පැමිණිල්ලට අදාළව කරන ලද මූලික විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top