/ Mar 14, 2025

2025 දි 5%ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වෙනවා : ජනපති

මහජනතාවගේ ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීමට පියවර ගන්නා බවත් 2025 අයවැයෙන් මුල්‍ය ප්‍රතිපාදනවලට ප්‍රමුඛත්වය දී ඇති බවත් ජනාධිපති අනුර දිසානායක පවසයි.

2025 වසර සඳහා 5%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවයි ඔහු පවසන්නේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ඩොලර් මිලියන 570 ක ණයක් ගෙවීමෙන් පසුවත් 2024 අවසානයේ විදේශ සංචිතය ඩොලර් බිලියන 6.1 ක් ලෙස පවත්වා ගැනීමට රජයට හැකි වූ බව අය-වැය කතාව ඉදිරිපත් කරමින් අද (17) පාර්ලිමේන්තුවේදී ඔහු සඳහන් කළේය.

2025 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2025 ජනවාරි 01 සිට 2025 දෙසැම්බර් 31 දක්වා වර්ෂය සඳහා රජයේ යෝජිත වියදම් දක්ව ඇති අතර 2025 වර්ෂය සඳහා එම කාලසීමාව සඳහා ඇස්තමේන්තුගත රජයේ මුළු වියදම රු. බිලියන 4,218 කි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top