සංචාරක ව්‍යාපාරයේ යටිතල පහසුකම් සංවර්ධය කිරීම ඇතුළු සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇත.
2025 වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බවයි අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.
කොළඹ වරායේ සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ස්කෑනිං සේවා වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 1,000ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
තවද, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ඩිජිටල් ටිකට් පත් ක්‍රමවේදයක් ද හඳුන්වා දීමටද කටයුතු කරන බව ඔහු පැවසුවේය.