/ Jun 21, 2025

හොර සල්ලි දීලා බඩු ගන්න ගිහින් ; 5000 නෝට්ටුවකින් එළියට ආ මහා ජාවාරම මෙන්න

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙකු හතරලියද්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (20) දහවල් හතරලියද්ද ප්‍රදේශයේ වෙළෙඳසැලකට පැමිණි පුද්ගලයෙකු ව්‍යාජ රුපියල් 5,000 මුදල් නොට්ටුවක් ලබා දුන් බවට පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

එහි දී අදාළ සැකකරු සන්තකයේ තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 03ක්, රුපියල් 500 ව්‍යාජ මුදල් නොට්ටු 02ක්, රුපියල් 100 ව්‍යාජ මුදල් නොට්ටු 02ක් හමුවී ඇත.

අනතුරුව සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී ව්‍යාජ රුපියල් 50 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 09ක්, ව්‍යාජ රුපියල් 100 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 04ක්, ව්‍යාජ රුපියල් 500 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 04ක්, ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 06ක් තිබී සොයාගත් බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් උඩුව, මහනුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් පරිඝණක යන්ත්‍රයක් හා මුද්‍රණ යන්ත්‍රයක් ද පොලිස්භාරට ගෙන ඇති බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හතරලියද්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top