ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිතව තිබෙන තරඟ 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්ට අහිමිවනු ඇතැයි වාර්තා වේ.
මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග්බෑෂ් ලීග් තරඟාවලියේ ,තරඟයක් අතරතුර ඔහු පන්දුව විසිකිරීමට යාමේදී ඇති වූ වැලමිට ආබාධයක් හේතුවෙන් මෙලෙස ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අවිනිශ්චිත වී ඇති බවයි සඳහන් වන්නේ.
ඔස්ට්‍රේලියාවේ නිත්‍ය නායක පැට් කමින්ස් සිය දෙවන දරුවාගේ උපත සහ වළලුකර ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්ව සිටීම හේතුවෙන් ස්මිත් ශ්‍රී ලංකා සංචාරයේ වැඩබලන නායක ලෙසින් පසුගියදා පත් කරනු ලැබීය.
දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ජනවාරි 29 වෙනිදා ගාල්ලේදී පැවැත්වීමට නියමිතයි.