/ Oct 28, 2026

රු.කෝටි හයකට අධික මත්ද්‍රව්‍ය පාර්සල් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් සොයා ගනී

රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් පාර්සල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් භාරයට ගෙන තිබේ.

තායිලන්තය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය සහ අමෙරිකා එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ව්‍යාජ ලිපිනයන් වෙත, කුෂ්, හෂීෂ්, කොකේන් සහ එක්ස්ටැසී යන මත්ද්‍රව්‍ය පාර්සල් 09ක් තුළ අසුරා එවා තිබුණු අතර මෙම පාර්සල් භාර ගැනීමට කිසිවෙකු නොපැමිණීම නිසා, එම ලිපිනයන් පිළිබද සොයා බැලීමේ දී , ඒවා ව්‍යාජ ලිපිනයන් බවට කරුණු අනාවරණය වීම නිසා, ඒවා ඊයේ (28) දහවල් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරිපිට විවෘත කිරීම සිදුකර ඇත.

මෙසේ රේගු භාරයට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය, වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top