මෙරටින් බිහි වූ විශිෂ්ඨ වේග පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග විසින් ‘𝐊𝐈𝐋𝐋𝐄𝐑’ නමින් පොතක් එළි දක්වා තිබේ.
එහි පන්දු යැවීම සම්බන්ධව කරුණු 21ක් ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඊයේ (20) කොළඹදී පැවති පොත එළිදැක්වීමේ උත්සවය සඳහා ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන්වන සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, චමින්ද වාස්, අජන්ත මෙන්ඩිස් ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු නිලධාරීන්ද එක්ව සිටියේය.
හිටපු එහිදී අදහස් දැක්වූ ලසිත් මාලිංග,
“අද මම මෙතනට ඇවිල්ල මෙහෙම කාථා කරන්න හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට දැන් මම ඉන්න තැනට ප්‍රධානතම හේතුව තමයි මම විශ්වාසකරනවා… මම ගාල්ල රත්තගම ප්‍රදේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ආපු කෙනෙක්. මට අද වෙනකොට පුළුවන් වෙලා තියෙනවා නිකම්ම මාලිංග අද මම යනකොට ලසිත් මාලිංග කියන තැනට මගේ නම පත්කරන්න. ඒ වගේම මම ලබපු ලොකුම ජයග්‍රහණය තමයි අපි වෙනදා යනකොට කවුරුත් අපේ අත්සනක් ඉල්ලන්නේ නැහැ. හැබැයි දැන් අත්සන කියන එක ඔටෝග්‍රාෆ් එකක් බවට පත් කරන්න මට පුළුවන් වෙලා තියෙනවා.”