අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ගමන් ගත් මෝටර් රථය සහ පරිවාර ආරක්ෂක රථ පෙළ වීඩියෝ කළ බව කියන පෞද්ගලික ආරක්ෂක අංශයක නිලධාරියෙකු සැප්තැම්බර් මස 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අගවිනිසුරුවරයා සිය ආරක්ෂකයන් සමඟ කොළඹ ග්‍රෙගරි ප්‍රදේශය වෙත ගොස් නැවත පැමිණෙමින් සිටින විට එම පෙදෙසේ සිටින පෞද්ගලික ආරක්ෂක සේවා නිලධාරියෙකු මෙලෙස කටයුතු කර තිබේ.
වීඩියෝ කළ බව කියන ජංගම දුරකතනය රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත්තේ වාර්තාවක් කැඳවීමටයි. සැකකරුගේ මානසික තත්වය සම්බන්ධ වෛද්‍ය වාර්තාවක් කැඳවීමටද නියමිත ය.