ලංකාවේ ලේඛකයන් විශාල ප්‍රමාණයක් සිටියත් ඔවුන් කිසිවෙකුත් සිය නිර්මාණවලින් ජවිපෙ ගැන සඳහන් නොකරන්නේ කුහකකම නිසා බව කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
88-89 කාලයේ සමාජ පරිවර්තනයට දායක වූ අය ගැන සෞන්දර්යාත්මකව ප්‍රතිනිර්මාණය කෙරුණු නවකතාවක් මේ රටේ ලේඛකයන් නොලියන්නේ ජනතා විමුක්ති පෙරමුණ නම එහි කොතැනක හෝ ලිවීමට සිදුවන නිසා බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
කෙසේ වෙතත්, එම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට විවිධ අදහස් පළ වෙමින් තිබේ.
එයට ප්‍රතිචාර දක්වමින් ලේඛකයෙකු කියා තිබුණේ එසේ කීමට කලින් ඇමැතිවරයා පොත් ටිකක් සොයාගෙන කියවිය යුතුව තිබුණු බවයි.
ජවිපෙ සහ පසුගිය අරගල සම්බන්ධ කරගනිමින් කෘති ගණනාවක් ලියැවී තිබේ. ඒවායේ ජවිපෙ වර්ණනා කර නොතිබීම මෙම ප්‍රකාශයට හේතුව විය හැකිදැයි සමහරෙක් ප්‍රශ්න කරති.