/ Oct 19, 2025

තාජුඩීන් ඝාතනය සිරිලියට කැරකෙන ලකුණු!

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන්, තැඹිලි ලහිරු, කමාන්ඩෝ සලින්ත සහ පානදුර නිලංග යන පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අතරතුර රග්බි ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ ඝාතනයට අදාළව නව තොරතුරු හෙළිදරවු වෙමින් පවතින බව වාර්තා වේ.

මෙම පිරිස් සමඟ කලක් සමීපව ඇසුරු කළ – ඝාතනයට ලක් වූ මීගස්ආරේ කජ්ජා හෙවත් අරුණ විදානගමගේ තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන්ද ප්‍රසිද්ධියේ කරුණු පවසා තිබුණි.

එසේ ම පසුගිය දා ඔහුගේ බිරිඳගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කිරීමේදී තාජුඩීන් ඝාතන සිදුවීමේ සීසීටීවී දර්ශනවල සිටින්නේ තම සැමියා වන අරුණ විදානගමගේ බව ඇය හඳුනාගෙන තිබේ.

2018 සැප්තැම්බර් 20 වනදා CID ය අධිකරණයට වාර්තා කළේ, සිරිලිය සවිය පදනමට අයත් WP KA 0642 දරණ ඩිෆෙන්ඩර් රථයක් වසීම් තජුඩීන් පැහැර ගැනීමට යොදාගෙන ඇති බවයි. සිරිලිය සවිය පදනම හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂට අයත් එකකි. ඒ අනුව මෙම පරීක්ෂණ වෙනම පැත්තකට යොමු වෙමින් තිබෙන බව බොහෝ දෙනා පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top