ඊයේ රාත්‍රියේ (07) අණ නොතකා ධාවනය කළ රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබේ. මෙම සිදුවිම මාතර ජනරජ මාවතේ දී සිදුව ඇතැයි වාර්තා වේ.
පරීක්ෂාව පිණිස නවතන ලෙස පොලිස් නිලධාරීන් අදාළ රථයට සංඥා කර ඇතත් එය නොතකා ධාවනය කළ රථය වෙත පොලිසිය වෙඩි තබා ඇත. වෙඩි පහර කාගෙන මඳක් දුර ගිය රථය අනතුරට ලක්ව නතර වී තිබේ. පසුව මෝටර් රථය සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.