/ Oct 19, 2025

වසර 2කදී මත්ද්‍රව්‍ය ටොන් 2ක් ඇල්ලූ පොලිස් අධ්‍යක්ෂට මාරුවීමක්!

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස වසර දෙකකට ආසන්න කාලයක් රාජකාරී කටයුතු සිදුකරනු ලැබූ හේමාල් ප්‍රශාන්ත පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ වැඩබලන අණදෙන නිලධාරියා ලෙස ස්ථානමාරුකර යවා ඇති බව වාර්තාවෙයි.

ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස වසර දෙකකට ආසන්න කාලයක් රාජකාරී කටයුතු සිදුකරනු ලැබීය. එම කාලසීමාව තුළදී මත්ද්‍රව්‍ය ටොන් දෙකකට ආසන්න ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිය භාරයට ගැනීම විශේෂත්වයකි.

සේවා කාලය තුළ කිසිදු චෝදනාවක් එල්ල නොවූ නිලධාරියෙකු ලෙස සැලකෙන ප්‍රශාන්ත දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබා දුන් නිලධාරියාද වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top